2011 සිට බුධ ග්‍රහයා වටා කක්ෂගත කර තිබු මැසෙන්ජර් යානය ඉන්ධන අවසන් වීමත් සමගම බුධ ග්‍රහයා මතට පතිත කර තිබෙනවා. මැසෙන්ජර් යානය සිදු කල ගවේෂණ අතර බුධ ග්‍රහයා සිතියම් ගත කිරීම මෙන්ම ධ්‍රැවාසන්න ආවාට වල ජලය සොයා ගැනීම වැදගත් වෙයි. බුධ ග්‍රහයා වෙත මීලග යානය පිටත් වීමට සුදානම් වන්නේ 2017 වසරේ වන අතර එය යුරෝපා ජපාන ඒකාබද්ද මෙහෙයුමක් වනවා.