ජීවයට හිතකර ග්‍රහලෝක සෙවීමේ අරමුණින් කක්ෂගතකරන ලද කෙප්ලර් අභාවකාශ දුරේක්ෂය තම සිව්වෙනි මෙහෙයුම මේ වන විට අරඹා තිබෙනවා. කෙප්ලර් අභාවකාශ දුරේක්ෂය මීට පෙර මෙහෙයුම් වලදී ලබා ගත් දත්ත මෙම සබැඳිය ඔස්සේ ලබා ගත හැකියි. නව මෙහෙයුම පෘටිවියට ආසන්නයෙන්ම පවතින තරු පොකුරු යුගලයක් වන, වෘෂභ රාශියේ හත්දින්නත් තරු පොකුර හා හියාඩස් තරු පොකුරේ තාරකා 16000 පමණ ඉලක්කකරගෙන සිදු කරගෙන යමින් පවතින අතර සෞරග්‍රහමණ්ඩලයට පරිබාහිර ග්‍රහලෝක රැසක් මෙවරත් අනාවරණය කර ගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තු වෙනවා.