NASA’ ආයතනය මගින් සූර්යා නිරීක්ෂණ සදහා යොදා ගනු ලබන Solar Dynamics Observatory නම් වූ දුරේක්ෂය මගින් ග්‍රහණය කර ගත් මධ්‍යම පරිමයනයෙන් යුත් සූර්‍ය ගිනි දලුවක රූපයක් 2015 මාර්තු මස 11 දින අන්තර්ජාලයට නිකුත් කර තිබුනේ මෙලෙසයි. මෙම රූපයෙහි පෘතුවියේ පරිමාණය සූය්ය ගිනි දළුව සමග සංසන්දනය කර තිබුනේ මෙලෙසයි.
සූර්‍ය ගිනි දළු, සූර්යාගෙන් නිකුත් වන ඉතාමත් ප්‍රබල විකිරණ කදම්බයන්ය. මේ අතුරින් හානිකර විකිරණ වලට පෘතුවි වායුගෝලය හරහා ඇතුළු විය මිනිසාට හානිදායක විය නොහැක.නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් මගින් වායුගෝලයේ GPS සහ අනිකුත් සන්න්නිවෙදන සදහා යොදා ගන්නා ස්තරයන් හට හානි විය හැකිය.
මෙම ගිනි දළුව X2.2 ලෙස වර්ගීකරණය කර ඇත. මෙහිදී X යනුවෙන් හදුන්වන්නේ වඩාත් තියුණු ගිනි දළු වන අතර අංකය මගින් එහි වැඩිදුර තොරතුරු සපයනු ලබනවා. X2 පරිමාණයේ ගිනි දළු X1 පරිමාණයේ ගිනි දළු මෙන් දෙගුණයක් වන අතර X3 තුන් ගුණයක් ආදී වශයෙන් මෙය විකාශනය වෙ.